මිතුදම

two-friends-hugging-clipart-clipart-panda-free-clipart-images-ncjkuz-clipart

එක මවකගෙ නොවුණත් අප
සිතුවා එක මවකගෙ ධරුවන් ලෙස
දුකේ දී පමණක් නොව සැපේදීත් සිටියා
වෙන් නොවී මා සමඟ ම
විටෙක සිතුණා මට සහෝදරියක් ලෙස
ඔබ මගෙ දිවිය තුළ
වැටෙන තැන් බලා සිනාසෙනු වෙනුවට
අත්වැලක් වුණා හැම විටම ඔබ මට
ආදරය කරුණාව දෝරෙ ගැලුවා
හද තුළින් ඔබ සැම විට
පැතුමක් පතන්නෙමි සබඳ
සෙනෙහසින් ම
මතුභවේ උපදීවා ඔබ
මගෙ මිතුරියක් නොව
එක කුස උපන් සොහොයුරියක් ලෙස

මනීෂා රාජපක්ෂ

Leave a comment