යාල්දේවී

yaldevi-blownup85

රුදුරු යුධ සමය තුළ
අහිමි වුණා අපට සැම දෙයම
ඒ රුදුරු පහරට අසු වුණු හැටි
යාල්දේවීයේ මතකද ඔබට………
ගෙවුණු ඒ අඳුරු යුගය
නිම වුණා සාමය පැමිණ

ඒ සොඳුරු තල් අරණ
අඬගසයි නැවතත් ඔබට
පොල් රුප්පාවෙන් තල් රුප්පාවට
සාමයේ අරුණළු රැගෙන………
උතුරත් දකුණත් යා කරන්නට
අවසරයි යාල්දේවීයේ ඔබට…….

  • මනීෂා රාජපක්ෂ

Leave a comment